Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2019 19:10:37 Hours

මී මැසි පාලනය පිළිබඳ කිළිනොච්චි භටපිරිස් දැනුවත් කරයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය කරන ලද ඉල්ලීමකට අනුව ‘බිඟු සම්පත් සුරකිමු‘ සංගමයේ සභාපති තිස්ස බණ්ඩාර තඹවිට මහතා ඇතුළු එම සංගමයේ නිලධාරින් විසින් ඔක්තෝබර් මස 27 සිට 29 දින දක්වා එම ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් වැසියන්ට අතිරේක ආදායම් මාර්ගයක් ලෙස මී මැසි පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශන මාලාවක් පවත්වන ලදී.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි භටපිරිස් විසින් මී මැසි රංචු හැසිරවීමට වෘත්තීමය වශයෙන් පුහුණුව ලැබීමෙන් අනතුරුව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන් අතර දේශීය මට්ටමින් විකල්ප ආදායම් උත්පාදනය කරන කර්මාන්තයක් ලෙස මී මැසි පාලනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය අපේක්‍ෂා කරයි. Asics shoes | nike fashion