Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2019 05:34:54 Hours

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය යුද්ධ හමුදාධිපතිතුමන්ට පොපි මලක් පළඳවමින් පොපි දින සැමරුම් උත්සවය පිළිබඳ දැනුවත් කරයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (31) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් පොපි මල යුද්ධ හමුදාධිපතිතුමන් හට පැලදවීම සිදු කරන ලදී.

පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා යුදබිමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන පොපි මල් දිනය සැමරීම් උත්සවය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී නොවැම්බර් මස 11 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මීට දින කිහිපයකට ප්‍රථම, සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට පළමු පොපි මල පැළඳවීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මල පැළඳවීමෙන් අනතුරුව පොපිමල් ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දායකත්වය ලබාදුන්හ. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් මේජර් ජෙනරාල් අඹන්පොල (විශ්‍රාමික) ඇතුළු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආශිර්වාද කළහ.

විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ලෝක පොපි දිනය පැවැත්විමට සියලු කටයුතු සුදානම් කරමින් පවති. එම අවස්ථාවේදී ඒ පිළිබඳ තොරතුරු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත දැනුම් දෙන ලදී.

‘In Flanders Field’ නැමති ප්‍රචලිත කවියට අනුව පොපි යන වචනය සැමරුම් දින සංකේතයක් ලෙස භාවිතා වූ අතර, ජනප්‍රවාදවලට අනුව පළවන ලෝක යුද සමයේ දී ෆ්ලෙන්ඩර්ස් හි පිහිටි යුද පිටිවල මෙම පොපි මල පීපී පැවති බව සඳහන් වේ. මෙහි ඇති දීප්තිමත් රත් පැහැය යුද්ධයේ දී රුධිරය වැගිරවීම සංකේතවත් කරයි. latest jordan Sneakers | Ανδρικά Nike