31st October 2019 14:10:37 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතින් තවදුරටත් ශක්තිමත් කරමින්, වන්නි ප්‍රදේශයේ ස්ථාපිත 21, 54 සහ 61 වන සේනාංක බලප්‍රදේශයන්හි පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත සිවිල් වැසියන්ට කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින පැවැති අතර ඒ සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන එක්විය.
මෙම මානුෂීය අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුකළ මහනුවර පිහිටි ආබාධිතයින් සඳහා කෘතීම අත් පා නිෂ්පාදනය කරනු ලබන මධ්‍යස්ථානයක් වෙතින් එම ජීවිත ආධාරක උපකරණ බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්හ. එම ප්‍රතිලාභීන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන්ගේ උපදේශනය මත තෝරාගනු ලැබීය.
කෘතීම අත්පා බෙදාදීමේ මෙම උත්සවය වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජානක රත්වත්ත විසින් සම්බන්ධීකරණය කරන ලදී. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, රුපියල් මිලියන 2 කට වඩා වටිනාකමින් යුත් කෘතීම අත්පා බෙදාදීම සඳහා අනුග්‍රහකත්වය දැක්වීමට මහනුවර පිහිටි කෘතීම අත් පා නිෂ්පාදනය කරනු ලබන මධ්‍යස්ථානයක් ඉදිරිපත් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි වූ අතර ගෞරවනීය ආරාධිතයින් ලෙස මහනුවර ආබාධිත මධ්‍යස්ථානයේ සනත් අත්තනායක මහතා ඇතුළු කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වූහ.
තවද, මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ. Sports brands | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals