Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2019 14:15:04 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ඉගෙනුම ලැබු විදේශීය සිසුන් පිරිසක් යාපනයේ සංචාරයක

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලව අංක 13 හැදෑරු විදේශීය හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ ඉකුත් බදාදා (30) දින උතුරේ සංචාරයක නිරත වූහ. එම සංචාරය අතරතුර ඔවුන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි සංචාරක විදේශීය හමුදා නිලධාරීන් පිරිස යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීයෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී, විදේශීය සංචාරක පිරිසට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව මෙන්ම පශ්චාත් යුද ගැටුම් සමයේ සිවිල්-හමුදා සහයෝගීතාවය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය. මෙම නියෝජිත පිරිස යාපනය අර්ධද්වීපයෙන් නික්යෑමට ප්‍රථම ප්‍රධාන ස්ථාන කිහිපයක් නැරඹීමට ද ගියහ. jordan Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ