Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2019 10:30:07 Hours

515 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ස්ථානගත 515 වන බලසේනාවේ 31 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එස්. වික්‍රමසේකර ඉකුත් බදාදා (30) දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමීය.

ඉන් අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගත්හ.

අනතුරුව, නව බලසේනාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කරනු ලැබීය. තවද, මෙම අවස්ථාවට එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. Sport media | Womens Shoes Footwear & Shoes Online