Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2019 11:17:07 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 16 වන සංවත්සරය ඉකුත් බදාදා (30) දිනට යෙදී තිබු අතර එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර වැඩසටහන ආරම්භ කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආඥාපතිතුමන්ව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් සමන්ත සිල්වා සහ බිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බිගේඩියර් මයිකල් වන්නිආරච්චි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, සංවත්සර සංකේතවත් කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන විහාරස්ථාන පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් රෝපණය කළ ආඥාපතිතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

16 වන සංවත්සර වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයට සහ දිවා භෝජන සංග්‍රහයට එක්වූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එමෙන්ම, සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව ඉකුත් ඉරිදා (27) දින තවත් වැඩසටහනක් ලෙස මූලස්ථාන පරිශ්‍රයේ පැළ 1000 ක් රෝපණය කරනු ලැබීය. තවද, මෙම සංවත්සර වැඩසටහන සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම සිවිල් සේවකයින් රැසක් ද සහභාගි වූහ. Running sneakers | Nike