Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2019 09:17:07 Hours

නිලධාරීන් ‘මාණ්ඩලික රාජකාරී’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික 3 වන ශ්‍රේණියට අයත් කනිස්ඨ නිලධාරීන් ‘මාණ්ඩලික රාජකාරී’ පිළිබඳ දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ උපදෙස් මත ඔක්තෝම්බර් මස 28 සිට 30 දින දක්වා අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේ දී පැවැත්විණි.

විධායක නිලධාරීන් සහ වෙනත් මාණ්ඩලික නිලධාරීන් ලෙස අනාගතයේදී රාජකාරී භාරගැනීමට නියමිත තරුණ නිලධාරීන් 21 දෙනෙකු ‘මාණ්ඩලික රාජකාරි’ පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ. මෙම වැඩමුළුව මාණ්ඩලික රාජකාරි පිළිබඳ පුද්ගලික දැනුම වැඩිදියුණු කිරීම, කාර්යාල ලිපි සකස් කිරීමේ කුසලතා වැඩිදියුණු කිරීම සහ එම නිලධාරීන් අතර මෙහෙයුම් කාර්ය මණ්ඩල රාජකාරී කටයුතු වැඩිදියුණු කිරීම යන විවිධ ක්‍ෂේත්‍රයන්හී දැනුම ලබාදීම සඳහා මෙම වැඩමුළුව සැලසුම් කර තිබේ.

මෙම පුහුණු වැඩමුළුවේ සමාප්ති දේශනය සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 663 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එල්.එස්.එස්. ලියනගම සහභාගි විය. Nike air jordan Sneakers | Nike Dunk - Collection - Sb-roscoff