Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2019 12:10:32 Hours

21 වන සේනාංකය ‘මනුසත් දෙරණ’ සමඟ එක්ව සිවිල් වැසියන්ට සහන ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ භටපිරිස් ‘මනුසත් දෙරණ’ රූපවාහිනී වැඩසටහන සමඟ එක්ව මැදවච්චිය ප්‍රදේශයේ සිවිල් ප්‍රජාවගේ යහපත උදෙසා විවිධ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් මැදවච්චිය පහළ ගල්කන්දේගම විද්‍යාලයේදී ඉකුත් සෙනසුරාදා (26) දින දියත් කරන ලදී.

මෙහිදී, නිදන්ගත වකුගඩු රෝගය පරික්‍ෂා කිරීමේ වෛද්‍ය සායනයක්, දෘශ්‍යාබාද සහිත සිවිල් වැසියන් 350 කට ඇස් කණ්නාඩි බෙදාදීම, ගර්භනී කාන්තාවන් සඳහා වියළි සලාක ඇසුරුම් 50 ක් බෙදාදීම, තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 10 කට සූර්ය පැනල් බෙදාදීම සහ පහල ගල්කන්දේගම විද්‍යාලයේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් රැසක් සිදු කෙරිණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ, ‘මනුසත් දෙරණ’ ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත බණ්ඩාර මහතා, මැදවච්චිය හා වවුනියා දකුණ ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාගශීලින්ගේ සංගමයේ සාමාජිකයින්, මොවන් පික් හෝටලයේ කාර්ය මණ්ඩලය, 21 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ මැදවච්චිය හා ඒ අවට ප්‍රදේශවල සිවිල් වැසියන් රැසක් එක්විය. bridgemedia | New Releases Nike