31st October 2019 21:53:50 Hours
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් අම්පාර, ලාහුගල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය මත ප්‍රදේශයේ ගමනාගමනය අඩාලවී ඇති අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඊයේ (29) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා යුනිබෆල් රථයක් යොදාගනිමින් පැය කිහිපයක් තුළ අවතැන්වූ සිවිල් වැසියන් මුදාගැනීමට සමත්විය.
ගංවතුර මට්ටම ඉහළ යාම හේතුවෙන් අවතැන්වු සිවිල් වැසියන්ට ආරක්‍ෂාව සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකි සෑම පියවරක් ගන්නා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත උපදෙස් ලබාදී ඇත.
නැගෙනහිර ආඥාපතිතුමන් එම බලපෑමට ලක් වූ ප්‍රදේශවල සංචාරයක නිරත වු අවස්ථාවේ දී සහන සේවා කටයුතුවල නිරත භට පිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. එම අවස්ථාවේදී හදිසි අවශ්‍යතා සඳහා යොදවා සිටි නාවික හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟ ද එතුමන් අදහස් හුවමාරු කරගත්තේය. latest Running | UK Trainer News & Releases