Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2019 11:24:05 Hours

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කර නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක අද (29) දින පස්වරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් ඩී.ආර්.ඒ. රණවක කරන ලද සේවය පැසසූමට ලක් කරමින් විශේෂ සමරුතිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරියා සමඟ පැවති සුහද සාකච්ඡාවේදී, යුද්ධ හමුදාව වෙනුවෙන් දැක්වූ ආදර්ශමත් දායකත්වය කෘතඥපූර්වකව හා උණුසුම් ලෙස පිළිගත් අතර එතුමන්ගේ හමුදා දිවිය තුළ සිදුවූ අමතක නොවන මතක සටහන් කිහිපයක් ද මෙහිදී සිහිපත් කළහ.

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ ආදර්ශමත් සේවය ඇගයූමට ලක් කරමින් සංකේතාත්මක සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක මේ වනවිට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති ලෙස සේවය කරන අතර හෙතෙම යුද්ධ හමුදා කිර්තීමත් තනතරු රැසක් ද හොබවා ඇත. Asics shoes | FASHION NEWS