Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2019 12:00:46 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දිනයට සමගාමීව හරවත් දේශණ මාලාවක්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දින අදියර III ට සමගාමීව විවිධ ඉදිරිපත් කිරීම්, දේශන, ශාරීරික අභ්‍යාස සහ සරඹ පිළිවෙත් පිළිබඳ පුහුණු සැසියක් ඉකුත් සිකුරාදා (25) දින දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

එදින උදෑසන, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී සහ නිලධාරිණියන් රැසකගේ සහභාගීත්වයෙන් පුහුණු වැඩමුළුව ආරම්භ විය.

එදින උදෑසන පැවැති ශාරීරික පුහුණු අභ්‍යාසයන් හා සරඹ පුහුණු සැසි සඳහා සහභාගීවීමෙන් අනතුරුව ‘අන්තවාදය හේතුවෙන් ඇති විය හැකි දුෂ්කරතාවයන් - අදෘශ්‍යමාන සතුරන් සමඟ සටන් කිරිමට ශ්‍රී ලංකා හමුදාවේ කාර්යභාරය’ යන කරුණු පිළිබඳ පැවැති දේශනයන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 84 දෙනෙකු සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ නිලධාරීනියන් 76 දෙනෙකු සහභාගී වූහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් විසින් ‘ශ්‍රී ලංකාවේ ගෘහස්ථ හිංසනය සහ කාන්තාවන්ගේ අනාගතය’ තේමාව ඔස්සේ තවත් හරවත් ඉදිරිපත් කිරීමක් සිදුකරමින් එම තේමාවේ විවිධ පැතිකඩයන් ඔස්සේ සාකච්ඡා කළහ.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්. ජේ. ප්‍රියදර්ශන ගේ උපදෙස් පරිදි එම ඉදිරිපත් කිරීම් සකස් කිරීම සඳහා 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් දායක විය. මෙම වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් තවත් එක් වැඩසටහනක් ඩියිනර්ස් ක්ලබ් හි එදින සන්ද්‍යාවේ පැවැත් වූ අතර එහිදී ආයතනික පුහුණුකරුවෙකු සහ දේශිකාවක වන බර්නඩ්න් ජයසිංහ මෙනවිය ‘ප්‍රසිද්ධ කථනය’ යන මැයෙන් දේශනයක් කරමින් නිලධාරීන් අතර එය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ පැහැදිලි කළේය. jordan Sneakers | Air Jordan