Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2019 12:15:46 Hours

591 වන බලසේනාවේ නව සෙසුනිල භෝජනාගාර ගොඩනැගිල්ල විවෘත කරයි

මුලතිව්, නන්දිකාඩාල් ප්‍රදේශයේ පිහිටි 591 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල සෙසුනිල භෝජනාගාර ගොඩනැගිල්ල ඉකුත් බදාදා (23) දින 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයකදී සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කරන ලදී.

591 වන බලසේනා මූලස්ථානයේ සෙසුනිලයින්ට දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවැති මෙම අංගසම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණය හිටපු බලසේනාධිපතිතුමන්ගේ සාමූහික උත්සහයක ප්‍රතිඵලයක් ලෙස ඉදිකරන ලදී. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරගැනීම සඳහා භටපිරිස් වෙහෙස මහන්සි වී කටයුතු කළහ.

591 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සේනාංකාධිපතිතුමන් පීත්ත පටිය කපා ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව සෙසුනිලයින් සමඟ පැවැති තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය. Authentic Nike Sneakers | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify