Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2019 12:20:46 Hours

යුද්ධ හමුදා විශ්‍රාමිකයින් සිවිල් ජීවිතය පවත්වාගැනීම පිළිබඳ දේශනයකට සවන් දෙයි

වසර 22 ක සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු දේශනයක් ඉකුත් සිකුරාදා (25) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ දී පැවැත්වූ අතර ඒ සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 88 දෙනෙකු සහභාගි වූහ.

එම යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ සිවිල් ජීවිතය සැලසුම් කළ යුතු ආකාරය සහ සේවයෙන් විශ්‍රාමගැනීමට පෙර ඔවුන් අනුගමනය කළ යුතු වෘත්තීය පාඨමාලා පිළිබඳව මෙම වැඩමුළුවේදී අවධානය යොමුවිය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ මූලිකත්වයෙන් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී. Sports Shoes | Womens Shoes Footwear & Shoes Online