Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2019 12:50:46 Hours

ප්‍රවීණ සුපවේදියෙකු යටතේ වන්නි භටපිරිස් සූපශාස්ත්‍ර පුහුණුව ලබයි

සෞඛ්‍ය සම්පන්න සූපශාස්ත්‍ර පුරුදු, සෞඛ්‍ය සම්පන්නව ආහාර පිළියෙල කිරීම, ආහාර වර්ගවල ඉහළ ප්‍රමිතීන් සහ පෝෂණ සාධක ඇතුළු සුපශාස්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් පැවැති වැඩසටහනක් සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු කඳවුරුවල සේවය කරන සුපවේදීන් සහ සහායකයින් 242 ක් සහභාගි වූහ.

ගල්කිස්ස මහා හෝටලයේ ප්‍රවීණ සුපවේදීයෙකු මෙන්ම අධ්‍යක්‍ෂවරයෙකු වන ආචාර්ය පබිලිස් සිල්වා විසින් දෙදිනක් පුරා මෙහෙයවූ මෙම වැඩමුළුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් මත සංවිධානය කරන ලදී.

තවද, 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් 21 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟ සාකච්ඡා කර මෙම වැඩමුළුව සම්බන්ධීකරණය කරන ලදී.

වැඩමුළුවේ සමාප්තී උත්සවය සහ සහභාගීවූවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම ඉකුත් ඉරිදා (27) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සමාප්තී උත්සවයට සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් සහභාගි වූහ. Best Authentic Sneakers | Footwear