Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2019 11:30:05 Hours

නයිජීරියානු යුද්ධ හමුදා නියෝජිත කණ්ඩායමක් විශේෂ බලකා පුහුණු අධ්‍යයන වැඩසටහනකට සහභාගීවීමට දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවිට දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.

නයිජිරියානු යුද්ධ හමුදාවේ පරිපාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ජි. ඔයිෆෙසෝබි (Major General G Oyefesobi) ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසට බ්‍රිගේඩියර් ජෙනරාල් ජි.කේ. නවෝසු (Brigadier General G.K Nwosu), බ්‍රිගේඩියර් ජෙනරාල් සී.ඒ.ඒ.අපෙරේ (Brigadier General C.A.A Apere), කර්නල් ටී.පී. ඔපුරම් (Colonel T.P Opurum),  ලුතිනන් කර්නල් එස්. එස්. මුහම්මද් (Lieutenant Colonel S.S Muhammed) සහ නයිජිරියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඊ.ඕ ෆෙරෙයිරා (Commodore E.O Ferreira) ඇතුලත් වූහ.

නියෝජිත පිරිස මාදුරු ඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ සංචාරය කිරීමට පෙර සඳුදා (28) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජිත පිරිස යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවා ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් විශේෂ බලකායේ කුසලතාවයන්ගෙන් විස්මයට පත්ව ශ්‍රී ලංකාවේ ගවේෂණ සංචාරයක් සැලසුම් කිරීමේ අරමුණ පිළිබඳව විමසීය.

නියෝජිත පිරිස සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති සුහද හමුවේදී, නියෝජිත පිරිස විශේෂ බලකායේ කුසලතා, සංග්‍රාමික යුද විශේෂඥතාවන්, ඔවුන්ගේ සුවිශේෂි ජයග්‍රහණ සහ මීට වසර කිහිපයකට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවැති සටනට දායක වූ ආකාරය පිළිබඳ සාකච්ඡා කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද සාකච්ඡාවේදී, නයිජීරියානු හමුදා භටයින් වෙනුවෙන් පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇති හැකියාව, නයිජීරියානු සෙබළුන්ට මානුෂීය මෙහෙයුම් වලින් පසුව වඩාත් පිළිගැනීමක් ලබාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් සමඟ අත්දැකීම් බෙදාහදා ගත හැකි ආකාරය මෙන්ම විශේෂ බලකා සෙබළුන් ලෝකයේ වඩාත් කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදී ආකාරය පිළිබඳ පැහැදිලි කළේය.

විශේෂ බලකායේ සුවිශේෂී සංග්‍රාමික යුධ උපක්‍රම සහ කුසලතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් දිවයිනට පැමිණි නයිජීරියානු නියෝජිත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ තවදුරටත් අදහස් හුවමාරු කරගනිමින් අනාගතයේ දී විශේෂ බලකා පුහුණුවීම් සඳහා තවත් භටපිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවට පැවසීය.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරාල් ජි. ඔයිෆෙසෝබි (Major General G Oyefesobi) සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සමරුතිළිණ හුවමාරු කරගත්හ. තවද, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා සම්බන්ධ විය.

නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේ නිලධාරීන් විසින් නාගරික සටන් මෙහෙයුම්, සංග්‍රාමික යතුරු පැදී ධාවකයින්ගේ වෙඩි තැබීමේ කුසලතා, සංග්‍රාමික සටන් පුහුණු සැසි, සරඹ හා සංග්‍රාමික වෙඩි තැබීමේ නිරූපණ, අඛණ්ඩ බලඝණ පුහුණු වැඩසටහන්, සැඟවීම හා වෙස්වලාගැනීම පිළිබඳ නිරූපණ සහ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිතය.

විශේෂ බලකා පුහුණු පාසල මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසල සමඟ සම්බන්ධතාවයෙන් නියෝජිත පිරිසට එහි රැඳී සිටිමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. Best Authentic Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret