Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2019 10:10:32 Hours

මධ්‍යම භටපිරිස් බුල්ඩෝසර් යොදා අවහිරවූ මාර්ගය පිරිසිදු කර ගමනා ගමනය යථාතත්ත්වයට පත් කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඉකුත් ඉරිදා (27) දින සන්ධ්‍යාවේ කුඹල්වෙල - ඇල්ල ප්‍රධාන මාර්ගයට හා හපුතලේ ප්‍රදේශයේ කඩා වැටුණු ගස්, ගල් සහ පස් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ ඒකාබද්ධ හමුදා කණ්ඩායම් කඩිනමින් ක්‍රියාත්මකවී ඉවත් කිරීමට සමත්විය.

කන්දකින් වැටී ඇති විශාල ගල් සහ පස් හේතුවෙන් කුඹල්වෙල - ඇල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය මුළුමනින්ම ඇණහිට තිබුණි. මේ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මාර්ගය පිරිසිදු කර ගමනා ගමනය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 112 වන බලසේනාවේ බලසේනාධිපති වෙත උපදෙස් ලබාදුන්නේය. යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැය හතරකට ආසන්න කාලයක් තුළ සියලු බාධක ඉවත් කර මාර්ගයේ ගමනා ගමනය යථාතත්ත්වයට පත් කිරීමට සමත්විය.

එලෙසම, පවතින අයහපත් කාලගුණයත් සමඟ ඉකුත් ඉරිදා (27) දින සවස 6.30 ට පමණ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ හන්දිය අසල වැටී තිබු දැවැන්ත ගස් පැය කිහිපයක් තුළ කපා ඉවත් කර මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමට නිලධාරීයෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමත්විය. affiliate link trace | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD