28th October 2019 12:46:46 Hours
අසරණ පවුලක ජීවනෝපායට සහයෝගයක් දැක්වීමේ අරමුණින් දඹුල්ල, හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අනෙකුත් පරිත්‍යාගශීලින්ගේ සහාය ඇතිව නවීකරණය කරන ලද ත්‍රිරෝද රථයක් මානුෂීය ආධාරයක් ලෙස එම අසරණ පවුල වෙත ඉකුත් සිකුරාදා (25) දින ලබාදුන්හ.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශන ගේ උපදෙස් මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානය විසින් සංවිධානය කරන ලද කෙටි උත්සවයකදී ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු විසින් මෙලෙස නවීකරණය කරන ලද වාහනය මානසික හා ශාරීරික ආබාධිත සහිත වැඩිහිටි දරුවන් සිව්දෙනෙකු සිටින අසරණ මහලු පියෙකු වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.
වයස අවුරුදු 65 ට වැඩි වයස්ගත දෙමව්පියන්ගේ රැකවරණය තවමත් ලබමින් සිටින ආබාධිත සාමාජිකයන් සිව්දෙනාගේ (කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකුගේ) දුක්ඛිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස මෙම වාහනය නවීකරණය කරදීමට පියවර ගෙන තිබේ. ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන කුඩා වෙළඳ සැලකින් ලැබෙන සුළු ආදායම් මාර්ගය මගින් එම පවුලේ ජීවනෝපාය සකසා ගනී.
පරිත්‍යාග ව්‍යාපෘතියට දායක වූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.කේ.එස්. පැරකුම් බාහිර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීමටත්, ආබාධිත පවුලේ සාමාජිකයින්ගේ ශාරීරික අවශ්‍යතාවන්ට සරිලන පරිදි නවීකරණය කරන ලද වාහනය නිපදවීමටත් සමත් විය.
යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් හා මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.කේ.එස්. පැරකුම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වූහ. Authentic Sneakers | Nike Air Max 270