Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2019 21:09:18 Hours

තෙලිප්පලෙයි පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි භටපිරිස් රැධිරය පරිත්‍යාග කරයි

අරිවියල් නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂකයින් කළ ඉල්ලීමකට අනුව, තෙලිප්පලයි පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි රුධිර බැංකුවේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සෙනසුරාදා (26) දින කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේදී රුධිර පරිත්‍යාග කරන ලදී.

තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය රුධිරය ලබාගැනීම සඳහා එම රෝහලේ වෛද්‍ය නිලධාරීන් කිලිනොච්චි රුධිර බැංකුව වෙත යොමුවී ඇති අතර, පිළිකා රෝගීන්ට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොමැතිවීම හේතුවෙන් ජීවිත අවධානමක් පවතින බැවින් යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ සහාය ඇතිව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට කිලිනොච්චි රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

මේ පිළිබඳ දැනුම්දීමෙන් පසුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මේ සඳහා සහයෝගය ලබාදීමට 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා වෙත උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, 57 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රුධිරය පරිත්‍යාග වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ. Running sneakers | Men’s shoes