Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2019 21:42:33 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ තවත් කූඹූක් පැළ 100 ක් රෝපණය කරයි

දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ‘වන රෝපා’ වැඩසටහනට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින කඳවුරු පරිශ්‍රයේ කූඹූක් පැළ 100 ක් රෝපණය කරනු ලැබීය.

දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ඔක්තෝබර් මස 21 දින සිට 31 දින දක්වා පැළ රෝපණය කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හමුදාව සැලසුම් කර තිබේ. ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ‘කූඹුක් පැළ රෝපණය කිරීමේ වැඩසටහන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී කර්නල් ජයන්ත රන්දෙනියගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා විසින් පැළ දෙකක් රෝපණය කරමින් රුක් රෝපණ වැඩසටහන ආරම්භ කළහ. ඉන් අනතුරුව, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම භටපිරිස් කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපණය කළහ.

මෙලෙස රෝපණය කරන ලද සියලුම පැළ උසින් වැඩෙන තුරු කලාපයේ පවත්නා දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඔවුන් විසින්ම රැක බලාගනු ඇත. Running sport media | Nike Shoes