24th October 2019 15:30:46 Hours
මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුගත විහාරස්ථානයෙහි ඉකුත් ඔක්තෝබර් මස 19 සහ 20 දිනයන්හිදී පැවති වාර්ෂික ‘කඨින පූජා පිංකම’ සඳහා 57 වන සේනාංකයේ සහ 574 වන බලසේනාවෙහි භටපිරිස් සිය පූර්ණ දායකත්වය ලබාදුන්හ.
මෙම කඨින පූජා පිංකම සඳහා මහා සංඝරත්නය 18 නමක් වැඩම කරනු ලැබූ අතර කඨින පෙරහැර සහ දානමය පිංකම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය දක්වන ලදී. කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.ජී.එස් ද සිල්වා ගේ මඟපෙන්වීම මත 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.ඒ.එන්.බී. පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම පිංකම් මාලාවට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්, ඉදිරි නඩත්තු පෙදෙස -කිලිනොච්චි සහ 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් මෙන්ම සෙසු නිලයින් මෙම උතුම් පිංකම සාර්ථකව පැවැත්වීම සඳහා සිය උපරිම දායකත්වය සපයනු ලැබිය.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිතුමන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර එම උතුම් පිංකම සඳහා බැතිමතුන් 85 කට වැඩි පිරිසක් ද සහභාගී වූහ. Running sports | Nike