Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2019 15:40:43 Hours

ආරක්‍ෂක සේවා විද‍්‍යාලයෙහි සම්මාන ප්‍රදානෝත්සවය සඳහා යුද්‍ධ හමුදා‍ධිපතිතුමන්ට ආරාධනා

කොළඹ 2 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයෙහි 2019 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ඉකුත් බදාදා (23) දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරා‍ධිත අමුත්තා වශයෙන් සහභාගී වන ලෙස එම විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනි ඉන්දිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය විසින් කරනු ලැබූ ආරාධනාවකට අනුව එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

ආරක්‍ෂක සේවා විද්‍යාලයෙහි 2019 වර්ෂයේ අධ්‍යාපන, ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් මෙන්ම පාසලෙන් පරිබාහිරව පැවති තරඟයන් තුළින් පාසලට කීර්තියක් එක් කරමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට මෙම වර්ණවත් උත්සවයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් ත්‍යාග පිරිනමනු ලැබිණි.

දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාසල් පරිශ්‍රයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම විද්‍යාලයේ විදුහල්පතිනි ඉන්දිකා ප්‍රියදර්ශනී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම පාසලේ බාලදක්ෂිකාවන්, බටහිර සහ පෙරදිග ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම් විසින් පවත්වනු ලැබු අලංකාර පෙරහැරකින් උත්සව පරිශ්‍රය වෙත කැටුව යනු ලැබීය.

අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, ආගමික වතාවත් හි නිරතවීම සහ පාසල් ගීතය ගායනා කිරීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වමින් දිනයේ උත්සවය ආරම්භ කරන ලදී.

ආරක්ෂක සේවා විද්‍යාලයෙහි ප්‍රධාන ශිෂ්‍යනායක රනිඳු වේරගල විසින් පිළිගැනීමේ කථාව සිදු කිරීමෙන් අනතුරුව විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ අලංකාර සංස්කෘතික අංගයන් සහ නර්තන අංගයන් වේදිකාව වර්ණවත් කළහ.

ඉන් මද වේලාවකට පසුව, 2019 වර්ෂයේ විශිෂ්ඨ ක්‍රීඩා කුසලාතාවයන් දැක් වූ ක්‍රීඩකයින්ට සහ 2019 වර්ෂයේ වඩාත් කැපිපෙනන දක්‍ෂතා දැක්වු සිසු සිසුවියන්ට වර්ණ ප්‍රදානය කිරිම සඳහා දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තාට වේදිකාවට ආරාධනා කරනු ලැබීය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා එම අවස්ථාවෙන් පිටත්ව යාමට ප්‍රථම තවත් සිසු සිසුවින් කිහිපදෙනෙකුට කුසලාන සහ සමරුතිළිණ ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.කේ.සී.කේ. පෙරේරා, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් මෙන්ම දෙමව්පියන් ද සහභාගී වූහ. latest Nike release | Men Nike Footwear