Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 18:29:57 Hours

යාපනයේ භටපිරිස් ‘ප්‍රීතිමත් හමුදා දිවිය’ පිළිබඳ දේශනයකට සවන් දෙයි

‘ප්‍රීතිමත් හමුදා ජීවිතය’ යන තේමාව යටතේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු අධ්‍යාපනික දේශන සැසියක් ඉකුත් අඟහරුවාදා (22) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ලුතිනන් පී.එම්.ටී.එච්.ආර්. විජේසේන, ලුතිනන් කේ.පී.කේ. ඇන්තනී, මේජර් යූ.පී මල්ලවආරච්චි සහ මේජර් එම්.පී.ඒ ප්‍රියංකර යන නිලධාරීන් විසින් ‘සියදිවි නසාගැනීම් වැළැක්වීම, මානසික ආතතිය, පවුල් ආරාවුල්, රජකාරී ස්ථානයේ ඇති ගැටළු’ සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දේශණ මෙහෙවනු ලැබීය.

මෙම දේශණය සඳහා යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් 23 දෙනෙකු සහ සෙසුනිළයින් 203 දෙනෙකු සහභාගි විය. bridge media | Air Jordan