Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2019 15:22:42 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ‘ස්කොෂ්’ ශූරතායවයන් දිනාගනී

යුද්ධ හමුදා ක්‍රීඩා ඉසව්වන් අතර වඩාත් ජනප්‍රිය ක්‍රිඩාවක් වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය - 2019, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ ඇති ගෘහස්ථ ස්කොෂ් ක්‍රීඩාගාරයේ දී ඉකුත් බදාදා (23) දින පැවැත්විණි.

ස්කොෂ් අවසන් මහා තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර යුද්ධ හමුදාව තුළ ඉහල ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ ප්‍රථම වරට මෙවන් ද්විත්ව ස්කොෂ් තරගාවලියක් පැවැත් වීම තුළින් තරගයට නව මානයක් එක් කළේය.

යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එන්.ජී ගුණවර්ධන විසින් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ගෘහස්ථ ක්‍රීඩාංගන වෙත කැටුව යන ලදී.

දවසේ සම්මාන ප්‍රදානෝත්සව ආරම්භ කිරිමට ප්‍රථම ජාතික මට්ටමේ ශේණිගත කිරිම් වලදි ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩකයා ලෙස රවින්දු ලක්සිරි (ශ්‍රේණිගත කිරීම අංක 1) සහ හොඳම ක්‍රීඩිකාව වන ෂාමි වකීල් ( ශ්‍රේණිගත කිරීම අංක 1) සමග පැවැත් වූ ප්‍රදර්ශන තරගය නැරඹීමට ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නිලධාරීන් එක් විය.

සමීක්‍ෂණ වාර්තා අනුව ස්කොෂ් ඉතිහාසයේ යුගල ප්‍රදර්ශන තරඟයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ.

එසේම, ජාතික මට්ටමේ ස්කොෂ් ක්‍රීඩාවේ ශ්‍රේණිගත කිරීම්වල අංක 2 සහ 3 ස්ථානයන් හිමි ෆාතූන් ඉසදීන් ක්‍රීඩකයා (2) සහ කසුනි ගුණවර්ධන ක්‍රීඩිකාව (3) එම අවස්ථා වර්ණවත් කරමින් ප්‍රදර්ශන යුගල ඉසව්වේ දී දක්ෂතා ප්‍රදර්ශනය කළේය.

දවසේ වැඩසටහන නිමාවට පත්කරමින් තරගයේ ජයග්‍රාහකයින්ට සහ කැපී පෙනෙන තරඟකරුවන්ට කුසලාන, සහතික සහ පදක්කම් ප්‍රධානය කිරිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධනා කළේය.

එහිදි, වසරේ (පිරිමි) ශූරතාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් දිනා ගත් අතර අනුශූරතාව ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් හිමිකර ගත්හ.

එසේම, කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය දිනාගත් අතර කාන්තා අංශයේ අනුශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කාන්තා කණ්ඩායම දිනාගත්හ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, වන්නී ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, පාබල හමුදා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ප්‍රදර්ශන තරගය සහ සම්මාන ප්‍රදානෝත්සවය නැරඹීමට පැමිණ සිටියහ. Buy Kicks | Nike Off-White