Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2019 18:37:05 Hours

'කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය’ සඳහා සහභාගී වූ විශේෂ බලකා කණ්ඩායමට ලෝකඩ පදක්කමක්

ඔක්තෝම්බර් මස 2 සිට 18 දින දක්වා ලන්ඩන් නුවර දී පැවති බ්‍රිතාන්‍ය හමුදා ජාත්‍යන්තර ‘කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය’ (Exercise Cambrian Patrol) සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ නිලධාරීන් තිදෙනෙකු සහ විශේෂ බලකා භටයින් හත් දෙනෙකු සහභාගී වූහ.

මෙම වාර්ෂික පාබල යුද අභ්‍යාසය විශේෂ බලකා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති අතර (පාබල පාඨමාලාව) පැය 48 කට අඩු කාලයකින් සැතපුම් 40 ක් ආවරණය වන පරිදි බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රදේශය මධ්‍යයේ පිහිටි රළු කේම්බ්‍රියන් කඳුකරයේ සහ මඩ වගුරුබිම් පුරා විසිරුනු නොයෙක් ආකාරයේ උපක්‍රමික මුර සංචාරයන් යෙදි තිබිණි.

අනතුරුව එහි සපැමිණි ශ්‍රී ලංකා විශේෂ බලකායෙහි මේජර් ජයන්ත රත්නායක ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම 36 වන බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් උණූසුම් අයුරින් පිළිගනු ලැබිණි. පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නැගෙනහිර එංගලන්තයේ ‘මේඩ්ස්ටන්’ (Maidston) ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ රෙජිමේන්තු මූලස්ථානය වෙත කැටුව යන ලදි. එහිදි ශ්‍රී ලංකා විශේෂ බලකා කණ්ඩායම ප්‍රදේශයේ පවතින දැඩි සිසිල් කාලගුණික තත්ත්වයන් නොතකා එම අභ්‍යාසයන්හී නිරත වූහ.

අභ්‍යාසය ආරම්භය සනිටුහන් කිරිම සඳහා ඉකුත් අඟහරුවදා (15) දින විශේෂ බලකා කණ්ඩායම වේල්ස් ප්‍රදේශය බලා පිටත් වූ අතර ඉන් පසු දින (16) මුර සංචාරයේ නිරත විය. අනතුරුව එම කණ්ඩායම ඉකුත් සිකුරාදා (18) දින අභ්‍යාසය සාර්ථකව නිම කිරිම හේතුවෙන් ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සමත් වූහ.

බ්‍රිතාන්‍ය හමුදාවේ 160 වන බලසේනාවේ බලසේනාධිපති ඒ.එස්. රිච්මන්ඩ් සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ස්වර්ණ බෝතොට විසින් විශේෂ බලකාය වෙත ලෝකඩ පදක්කම පිරිනැමීම සඳහා එම අවස්ථාවට එක් වූහ. best Running shoes | GOLF NIKE SHOES