Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 19:14:57 Hours

දිළිඳු දරුවන් සහ අඩු ආදයම් ලාභි පවුල්වල සාමාජිකයින්ට බීජ පැල සහ පා පැදි ලබා දෙයි

යාපනය ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදයම් ලාභි පවුල්වල සාමාජිකයින්ට හා පාසල් සිසුන් සඳහා පොල් බීජ හා පාපැදි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (20) දින යාපනය කරුගම්පනෙයි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් පරිදි 513 වන බලසේනාවේ භටපිරිස් විසින් පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහනට මීගමුව නීතීඥවරුන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් ලබාදුන් ආධාර පරිත්‍යාගයන් පාසල් ළමුන් 80 දෙනෙකුන් අතරේ සහ අඩු ආදයම් ලාභී පවුල් අතර බෙදාදෙන ලදී.

පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, මීගමුව නීතීඥවරුන්ගේ සංගමයේ සභාපති නිෂේන්ද්‍ර ඒකනායක ඇතුළු එම සංගමයේ සාමාජිකයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින්, පාසල් ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ.Running Sneakers Store | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK