Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2019 10:15:15 Hours

551 වන බලසේනාව නව පුස්තකාලයක් විවෘත කරයි

පේදුරුතුඩුව ප්‍රදේශයෙහි පිහිටි 551 වන බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද පුස්තකාලය ඉකුත් සෙනසුරාදා (19) දින පැවති කෙටි උත්සවයකදී 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසංග පෙරේරා විසින් භටපිරිස් වෙත භාර දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා සාමාජිකයින් අතර කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ අතර පුස්තකාලයේ ඉදිකිරීම්

ඉතා කෙටි කාළයක් තුළ නිම කරන ලද මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරිමේ අරමුණින් ක්‍රියාවට නැන්විය. මොරටුව විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික සහකාර පුස්තකාලාධිපති ඩබ්ලිව්. ඩී. ජයසිංහ මහතා සහ ඔහුගේ ඥාතීන් එක්ව පුස්තකාල විවෘත කරනු ලැබු දිනයේ සෙනින් දිරිගන්වමින් රුපියල් 150,000 / = කට ආසන්න මුදල් පරිත්‍යාගක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය හල්විටිගල වජිරඤාන හිමියන්, නිලධාරීන් සහ පරිත්‍යාගශීලී නියෝජිතයින් පිරිසක් සහභාගී විය. එම පරිශ්‍රයේ පැවති රුක් රෝපණ ව්‍යාපෘතියෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් වූහ. bridgemedia | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes