Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2019 15:00:46 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ඉදිකරමින් පවතින අකුරේගොඩ නව යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ නවාතැන් පහසුකම් සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩමක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස නොබෝ දිනකින් විවෘත කිරීමට නියමිත ඇති අකුරේගොඩ නව යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය කරන නිලධාරීන් ගේ නවාතැන් පහසුකම් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1.1 ක ඉඩමක් ලබාදෙයි.

යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම වෙනුවෙන් පුද්ගලික හිමිකරුවන් වෙත මාසික කුලී මුදලක් වශයෙන් ගෙවනු ලබන අති විශාල වියදමක් කපා හැරීමට අදහස් කරන ලුතිනන් ජෙනරාල් සිල්වා, එයට විකල්ප විසඳුමක් වශයෙන් නව නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ඉඩම් හා දේපළ භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත. නව යුද්ධ හමුදා මූලස්ථානයට ආසන්න ප්‍රදේශයන් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා වෙනත් ඉඩමක් නොතිබුණද, මෙම අවස්ථාව තුළින් නිලධාරීන්ට නව යුද්ධ හමුදා මූලස්ථානයට සමීපව නවාතැන් පහසුකම් ලබාදීමට අවස්ථාව සලසා තිබේ.

ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් සඳහා සුදුසු ඉඩමක් ලබා ගැනීම සබැදිව නාගරික සංවර්ධන අධිකාරිය වෙත සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් නුදුරේදී අකුරේගොඩ නව යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය වෙත ස්ථානගත වීමට නියමිතව ඇති හෙයින් එම ඉඩම ලබාගැනීමට මැදිහත්වන ලෙස ගරු අමාත්‍ය චම්පික රණවක මහතාගෙන් ඉල්ලීමක් ද සිදු කළහ. එම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින නව යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ නවාතැන් පහසුකම් අවසන් වන තෙක් තාවකාලික පදනම මත මෙම ඉඩම යුද්ධ හමුදාව වෙත ලබා දී ඇත.

අනතුරුව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ කේ.එල්.ඩබ්ලිව්. පෙරේරා මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා නදීරා තිරිමාවිතාන මහත්මිය සමග නාගරික සංවර්ධන අධිකාරී කාර්යාලයේ පැවති කෙටි සාකච්ඡාවකින් අනතුරුව එම ඉඩමට අදාළ ඔප්පුව සහ ලිපි ලේඛන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භාර දුන්නේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නාගරික සංවර්ධන අධිකාරීයට සහ මහනගර සභා මෙන්ම බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා වෙත සිය කෘතඥතාවය පුද කර සිටියේය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ඉඩම් හා දේපළ, භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ව්‍යාපෘතිය සඳහා බහාලුම් නිවාස ඉදි කිරිමට මේ වනවිටත් සැලසුම් කර ඇත.

ඉදිරියේදී සිදු කිරිමට නිමිත ව්‍යපෘතිය සම්බන්ධයෙන් ඉඩම් හා දේපළ භට නිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර සහ ඉඩම් හා දේපළ භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.බී නායකරත්න යුද්ධ හමුදාධිපති කාර්යයාලයේ පැවති කෙටි සාකච්ඡාවක් වෙනුවෙන් ද එක් විය. latest jordans | Sneakers Nike