Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2019 14:28:38 Hours

නික්මයන විශ්‍රාමික නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභාශිංෂණ

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම යෑමට නියමිත යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විශ්‍රාම යාමට ප්‍රථම අද (23) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

පාඨමාලා අංක 19 යටතේ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පාඨමාලා සාමාජිකයකු වශයෙන් වර්ෂ 1984 මාර්තු මස 5 දින යුද්ධ හමුදාවට එක් වූ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිය සේවා කාලය තුලදී යුද්ධ හමුදාව තුල ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. ඒ අතරින්, එතුමන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ කාලසීමාවේ සිවිල් ප්‍රජාව වෙනුවෙන් පෙර පාසල් ඉදිකිරීම, අඩු වරප්‍රසාදලාභීන් හට නව නිවාස ඉදි කරදීම, ආගමික වැඩසටහන් පැවැත්වීම, පාසල් උපකරණ බෙදාදීම මෙන්ම දිළිඳු ජනතාවට ආධාර උපකාර කිරිම, ජල පවිත්‍රාගාර ස්ථාපනය කිරීම, ප්‍රතිසන්ධානය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම ආදී ව්‍යාපෘතීන් තුළින් එතුමන් ජනතාව අතර ඉතා ජනප්‍රියත්වයට පත් විය. එමෙන්ම, පාබල සොල්දාදුවෙකු වශයෙන් එතුමන්ගේ අණ දීමේ හැකියාවන්ට අමතරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති වැනි වගකිව යුතු තනතුරු රැසක් හොබවා තිබිම සම්බන්ධව මෙහිදී එතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට සහ ඇගයීමට ලක්විණි.

මෙම හමුව අතරතුරදී, ඔවුන් දෙදෙනාගේ යුද්ධ හමුදා දිවිය තුල ලද මතකයන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මෙන්ම විවිධ ස්ථානයන්හිදී කණ්ඩායම් සාමාජිකයන් ලෙස ලද අත්දැකීම් මෙන්ම අතීත මතකයන් පිළිබඳ නැවත සිහිපත් කළේය. මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා තම ධුර කාලය තුළ දී සිය රාජකාරි ඉටුකිරීම සඳහා ලබා දුන් ඉමහත් සහයෝගය පිළිබඳව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට සිය ස්තූතිය පුද කළේය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජාතියට කළ සේවය අගය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එතුමන්ට සමරුතිළිණයක් පිරිනමමින් සුභපැතුම් එක් කරන ලදී.

මේ අතර,ඉකුත් අඟහරුවාදා (22) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිතුමන්ට උපහාර දැක්වීම වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානූකූල විධිමත් සමුගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහීදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන්ට විශේෂ සමරුතිළිණයක් ද පිරිනමනු ලැබීය. එමෙන්ම, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපති ශිරෝමි මාසකෝරාල මහත්මිය සේවා වනිතා ඒකකය තුලදී මෙන්ම වෙනත් ස්ථානයන්හිදී ඇය කළ කැපවීම අගය කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් එතුමිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. latest jordan Sneakers | Air Jordan