Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2019 14:01:47 Hours

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද අ.පො.ස (සාමාන්‍ය පෙළ) සම්මන්ත්‍රණ සැසියන් තුළින් මුලතිව් සිසුන් සිය ගණනක් ප්‍රතිලාභ ලැබීය

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිය ප්‍රජා ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් දින දෙකක සම්මන්ත්‍රණයක් ඉකුත් ඔක්තෝබර් මස 17 සහ 18 දිනයන්හිදි පුදුකුඩිඉරිප්පු මධ්‍ය විද්‍යාලයේදී පවත්වන ලදී.

සම්මන්ත්‍රණය පැවති පළමු දිනයේ (17) අ.පො.ස (සාමාන්‍ය පෙළ) අපේක්ෂකයින් 474 දෙනෙකු සහභාගී වූ අතර දෙවන දිනයේ (18) සිසුන් 447 ක් සහභාගී විය. යුද්ධ හමුදා සම්බන්ධීකරණය යටතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. සෙල්වරාජා මහතා, ඉරපලෙයි රෝමානු කතෝලික විද්‍යාලයේ කේ. කජේන්ද්‍රන් මහතා , එම විද්‍යාලයේම ආර්. සූවාන් මහතා සහ පුදුකුඩුඉරිප්පු මධ්‍ය විද්‍යාලයේ කේ. කජන්තන් මහතා යන දේශකවරුන් විසින් පිළිවෙළින් ඉංග්‍රීසි, ඉතිහාසය, විද්‍යාව සහ ගණිතය යන විෂයන්ට අදාළ දේශණයන් පවත්වනු ලැබීය.

මීට අමතරව, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සම්මන්ත්‍රණය පැවති දින දෙක තුළ උදෑසන ආහාරය, දිවා ආහාරය මෙන්ම බිස්කට් සමඟ සවස තේ සම්මන්ත්‍රණ සැසිවාරයන් පැවැත් වූ දේශකයින්ට මෙන්ම සහභාගී වූ සිසු සිසුවියන්ට ද ලබාදුන්නහ.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව සඳහා පුදුකුඩුඉරිප්පු අධ්‍යාපන අධ්‍යක්‍ෂ සුබ්‍රමනියම් ඊශ්වරන්, පුදුකුඩුඉරිප්පු මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කේ.වී.ඩී. සිවරාසා, එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කේ. මහේන්ද්‍රරාජා සහ මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ (සිංහල) රගූ උදයකුමාර් මෙන්ම තවත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකුන් ද සහභාගී විය.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ සහභාගී විය.

තවද සම්මන්ත්‍රණ කටයුතු මෙහෙයවීම 682 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්. කස්තුරිමුදලි ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිදුකරන ලදී. Running sports | Nike Off-White