Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 18:14:57 Hours

213 වන බලසේනාව විසින් ඉදිකරන ලද ‘ආවාස ගෙය’ මහා සංඝරත්නය වෙනුවෙන් විවෘත කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213 වන බලසේනාවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්. රසික කුමාර ගේ මුලිකත්වයෙන් කිරගල රජමහා විහාරස්ථානයට නව සංඝාවාසයක් ඉදිකරනු ලැබීය.

මෙම නව ගොඩනැගිල්ල ඉකුත් ඔක්තොම්බර් මස 15 සහ 16 දිනයන් හිදී ආගමික වැඩසටහන් මාලාවක් සමඟින් මහා සංඝරත්නය වෙත පුජා කරන ලදී.

මෙම ආගමික වැඩසටහන් මාලාවේ එක් අංගයක් වන ‘කටින පූජාව’ (එනම් වස් සමාදන් වු භික්ෂුන් වහන්සේලා වස් පවාරනය කිරිම සංකේතවත් කරනුවස් සිවුරු පුජා කිරිමේ උත්සවය) වඩාත් කැපී පෙනෙන අංගයක් විය.

මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉඳිකරන ලද ‘ආවාස ගෙය’ විවෘත කිරීමේ සමාරම්භක උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කුමා ජයපතිරණ සහභාගී විය.

මෙම සමාරම්භක උත්සවය සඳහා 21 වන සේනාංකයේ සහ 213 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, බැතිමතුන් ඇතුළු දිවුල්වැව ප්‍රදේශයේ ගම්වාසින් විශාල පිරිසක් ද සහභාගී වුහ. Sportswear Design | Air Jordan