Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 17:14:57 Hours

යාපනයේ ආඥාපතිතුමන් පෙරියකුලම් වැවෙහි ඉදිකිරීම් කටයුතු වේගවත් කිරිමට උපදෙස් ලබාදෙයි

විවිධ හේතූන් මත අඩපණව තිබූ උතුරු ප්‍රදේශයේ අරාලී පෙරියකුලම් වැවෙහි ඉදිකිරීමේ කටයුතු 10 වන ශ්‍රී ලංකා ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් නැවත ආරම්භ කර තිබේ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් සිකුරාදා (18) දින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරනු ලබන වැවෙහි ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පරික්‍ෂා කිරීම සඳහා එම ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක ද නිරත විය.

උතුරු ප්‍රදේශයේ අරාලි හි අක්කර 800 කට ආසන්න භූමි ප්‍රමාණයක කෘෂි කර්මාන්තය සඳහා ජලය සපයන එම වැවෙහි ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා දායකත්වය ඇතිව කඩිනමින් නිම කිරීමට නියමිතය. affiliate link trace | Klær Nike