Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 13:42:05 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සිය ප්‍රථම සංචාරය 23 වන සේනාංකයේ සිදු කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා (17) දින පූනානි ප්‍රදේශයේ පිහිටි 23 වන සේනාංක මුලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරත විය.

23 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව අඥාපතිතුමන් 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදලුපොල විසින් උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව සිය සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍ර‍යේ පැළයක් රෝපණය කිරිමට මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු හට ආරාධනා කරනු ලැබිණි.

පසුව, 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් බලසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිලධාරීන් එක්ව එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් මෙන්ම මෙහෙයුම් හා පරිපාලනමය කටයුතු පිළිබඳව ද සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළහී.

මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු භටපිරිස් අමතමින් නිලධාරීන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම මෙන්ම කාර්යක්‍ෂමතාවය හා විනය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පුහුණුවේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

අනතුරුව ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සියළු නිල තේපැන් සංග්‍රහයට සහභාගී වූ එතුමන් එහිදි භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූහ. දිනයේ වැඩසටහන අවසන් කරමින් එතුමන් 23 වන සේනාංක මූලස්ථානයේ අමුත්තන් සඳහා වෙන් කරන ලද පොතේ සමරු සටහනක් ද තැබීය.

මේ අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඉකුත් සිකුරාදා (18) දින වාකරේ ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත වු අතර එහිදි 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රන්ජිත් ඇල්විටිගල විසින් එතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිලිගනු ලැබීය. එහිදි භටපිරිස් විසින් පිරිනැමු කදවුරු සම්මාන මුරය වෙත එතුමන් විසින් සිය ආචාර පුදකරමින් පසුකර යන ලදී. පසුව මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට එතුමන්ට ආරාධනා කරන ලදී. තවද භටපිරිස් ඇමතු මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු එහි පැවති සියළු නිල තේපැන් සංග්‍රහයට ද සහභාගී විය.

තවද, ඉකුත් සෙනසුරාදා (19) දින නව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ද මඩකලපුව පිහිටි 231 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදි භටපිරිස් විසින් පිරිනැමු කදවුරු සම්මාන මුරය වෙත එතුමන් සිය ආචාර පුදකරමින් පසුකර යන ලදී. අනතුරුව 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මිහිඳු පෙරේරා විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. තවද භටපිරිස් ඇමතු එතුමන් එම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

මෙම සංචාරය අතරතුර යාපනය ආරාක්‍ෂක සේනා ආඥාපතිතුමන් මඩකලපුව මංගලාරාමය විහාරස්ථානයේ නායක හිමි අම්පිටිය සුමනරතන ස්වාමින්වහන්සේ සමගින් සුහද පිළිසඳරක ද නිරත විය. එමෙන්ම නැගෙනහිර ආඥාපතිතුමන් ද මඩකලපුව අගරදගුරු ගරු ජෝශප් පොන්නයියා පියතුමන් හමුවී ආශිර්වාද ලබාගත්හ. Best jordan Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov