Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2019 20:19:07 Hours

නාවික හමුදා ‘ගාලු කථිකාව’ අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹේ

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් වාර්ෂිකව පවත්වන අභිමානවත් ‘ගාලු කථිකාව’ 2019 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සදුදා (21) දින උදැසන ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී ‘නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය’ යන තේමාව යටතේ විදෙස් නාවික හමුදා නිලධාරින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කරන ලද මෙම වාර්ෂික කථිකාව කලාපීය හා ගෝලීය නාවික විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් සමුද්‍රීය ක්ෂේත්‍රයේ උද්ගත වෙමින් පවතින පොදු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් සහ ගෝලීය ක්‍රමෝපායක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය කරනු ලබයි.

මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පළමු දින සැසිය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ, ජනාධිපති ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ, විදෙස් ලේකම් රවිනාත ආරියසිංහ, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් ඇතුළු රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

මෙම සැසිවාරයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට ගාලු මුවදොර හෝටලයේදී සාකච්ඡාවලට සහභාගී වූ විදේශීය ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුන්ට සුභ පැතීමේ දුර්ලභ අවස්ථාව හිමි විය. තවද ඔවුන් යුද්ධ හමුදාධිපතිතුමාට සිය සුභ පැතුම් එක් කළ අතර එහිදි ඔවුන් එතුමන් සමඟ සුහදව අදහස් කිහිපයක් ද බෙදා ගත්තේය.

සැසිවාරයේ සමාරම්භක උත්සවය සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරාම්භ විය. Nike Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf