Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 13:41:05 Hours

මාඳුරුඔය යුද හමුදා පුහුණු පාසලේ දී කැලෑබද සටන් පාඨමාලාව සාර්ථකව හැදැරූ යුද්ධ හමුදා සාමාජිකයින් 59 දෙනෙකු විසිරයයි

මාඳුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රති ත්‍රස්ථ කැලෑබද සටන් පාඨමාලා අංක - 28 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් 59 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (24) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිර ගියහ.

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.පී.කේ පිලපිටිය විසිර යැමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර මෙම පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයාට හිමි සම්මානය 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඒ. වරුණ විසින් හිමිකරගන්නා ලදී.

මෙම වර්ණවත් විසිර යෑමේ පෙළපාලිය නැරඹීම සඳහා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියහ. Nike air jordan Sneakers | Air Jordan