Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 13:40:55 Hours

නාගදීප විහාරස්ථානයේ කටින පිංකම් උත්සවය සඳහා (යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය) දායක වෙයි

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පූජනීය බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන යාපනය අර්ධද්වීපයේ ‘නාග දීප’ විහාරස්ථාන වාර්ෂික ‘කටින පිංකම’ උත්සවය සහ දානමය පිංකම ඉකුත් සිකුරාදා (18) දින පැවැත්වීය.

මෙම උත්සවයේ ප්‍රධාන අනුග්‍රකත්වය ගෙන කටයුතු කරනු ලැබූවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. පිංකම සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණවර්ධන මහතා සහභාගී විය.

මෙම උතුම් පිංකම සඳහා යානය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය. තවද ආරක්ෂක හමුදා සහ පොලීසියේ සාමාජිකයින්, බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් වාර්ෂිකව පැවැත්වෙන ‘කටින පිංකම’ උත්සවය සහ දානමය පිංකම වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කරන ලදී. Sports brands | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger