Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 13:41:01 Hours

අභිනවයෙන් විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පෙර පාසල් සිසු සිසුවියන් පිරිසක් සංචාරයක නියැළෙයි

අභිනවයෙන් විවෘත කරන ලද යාපනය ජත්‍යන්තර ගුවන් තොටුපල නැරඹීම සඳහා පෙර පාසල් සිසු සිසුවියන් පිරිසක් සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය මගින් ඉකුත් සිකුරාදා (18) දින අවශ්‍ය මූලික පහසුකම් සංවිධානය කරන ලදී. ගුරුවරුන් දෙමාපියන් සමඟ එක්ව යාපනය ‘කන්නකායි’ හා ‘තිව්‍යා’ පෙර පාසලේ සිසු සිසුවියන් 48 දෙනෙකු ගුවන් තොටුපළ පරිශ්‍රය නැරඹීමට අවස්ථාව උදාකර ගත්හ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම අවස්ථාව සඳහා අවශ්‍ය සියළු කටයුතු සංවිධානය කරන ලදී. best shoes | Releases Nike Shoes