Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 12:47:03 Hours

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 63 වන සංවත්සරය වැඩසටහන් කිහිපයක් සමගින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විය

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 63 වන සංවත්සර දිනය යෙදි තිබු ඔක්තෝබර් මස 01 වන දිනට සමගාමීව පරන්තන්හි පිහිටි එම ඒකක මූලස්ථානයේ දී වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.

ඒ අනුව සංවත්සර සැමරුමට සමගාමීව ලේ දන් දීමේ වැඩසටහනක්, අන්තර් ඒකක පාපන්දු තරගාවලියක් ඇතුළු එල්ලේ, වොලිබෝල් සහ ක්‍රිකට් තරඟාවලියක් මෙන්ම සාමාන්‍ය දැනුම වර්ධනය කිරිම සඳහා ද තරඟයක් පැවැත් වූ අතර පසුව පැවති සියළු නිල දිවා ආහාර බෝජන සංග්‍රහයෙන් අනතුරුව සන්ද්‍යාවේ සංගීත ප්‍රශංගයක් ද පැවැත් වීය.

ඔක්තෝම්බර් මස 12 වන දින පැවති අවසන් දින උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගී වූහ. එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදි කරනු ලැබු බහුකාර්ය ගොඩනැගිල්ල සුභ මොහොතින් විවෘත කරනු ලැබූහ. තවද සන්ද්‍යාවේ පැවති සංගීත ප්‍රශංගය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම කනිෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.Best Nike Sneakers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth