Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 13:43:55 Hours

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් පිරිසක් විල්පත්තුව වන රක්‍ෂිතයේ රුක් රෝපණ වැඩසටහනට සහය දක්වයි

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ පිරිසක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය විසින් දියත් කරනු ලැබු විල්පත්තුව වන රක්‍ෂිතයේ රුක් රෝපණය වැඩසටහන වෙනුවෙන් දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදෙයි.

මෙම ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ කාන්තාවන් 2019 ඔක්තෝබර් මස 13 වන දින සිනාත්නගර් ප්‍රදේශයේ දියත් කරනු ලැබු දැවැන්ත රුක් රෝපණ වැඩසටහන සඳහා ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දී ඇත.

මහනුවර උසස් බාලිකා විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ පිරිසක් විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා ජල සම්පාදන උපාංග සහ පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් 520,000.00 ක මුදලක් සහ ලීටර් 2000 ක වතුර ටැංකියක් පරිත්‍යාග කරන ලදි. තවද මෙම පිරිස විසින් අක්කර භාගයක ඉඩම් ප්‍රමාණයක් වැටකින් සම්පූර්ණ ආවරණය කර එහි රෝපණය කරනු ලැබු පැළ වලට අවශ්‍ය ජල පහසුකම් සැපයීමට ද දායක විය.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති වෙනුවට එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ආර්. පී. මුනිපුර සහභාගී වූහ.

තවද එම අවස්ථාව සඳහා 54 වන සේනාංකයේ සහ 542 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද එක්විය.Nike sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov