Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2019 10:16:15 Hours

කිලිනොච්චියේ පැවති ‘කඳුල’ වැඩසටහන සෙබළුන්ගේ සහ එම ප්‍රදේශයේ මිනිසුන්ගේ මුවගට විටක සිනහවක් ද විටක කඳුලක් ද එක් කරමින් උත්කර්ෂවත් ලෙස පැවැත්විය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සහෝදර චාල්ස් තෝමස් විසින් මෙහෙයවනු ලබන ‘දහම් පහන’ සංගීත රසාස්වාදයන් සමගින් ජනප්‍රිය ‘කඳුළ’ වැඩසටහන අති උත්කර්ෂවත් අයුරින් ඉකුත් සිකුරාදා (18) දින ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළු 5000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරීන් භාර ගැනිමේන් අනතුරුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිදු කළ ප්‍රථම නිල සංචාරයේ නිරතව සිටි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම වැඩසටහන තුළින් මානව සාරධර්ම, ආචාර ධර්ම සහ ගුණධර්ම ප්‍රවර්ධනය කිරීම මගින් සියලු ජනවාර්ගික ප්‍රජාවන් තුළ සමගිය ඇති කරමින් අධ්‍යාත්මික වශයෙන් සවිබල ගැන්වූ ජාතියක් මෙන්ම සියලු මිනිසුන්ට ආදරයෙන් හා විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි සමාජයක් බිහිකිරිම එතුමන්ගේ දැක්ම විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රථම වරට පවත්නු ලැබු සාමය හා ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම නව විනෝදාත්මක වැඩසටහන සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත අරාධනා කරන ලදී. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ද යුද්ධ හමුදාධිපතිතුමන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හොඹවමින් සිටිය දී සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ද මෙවන් වැඩසටහක් සංවිධානය කර තිබිණි.

මානව හිතවාදී සමාජයක් බිහි කිරීම සඳහා සංගීත අර්ථ නිරූපණයන් උපයෝගී කර ගනිමින් මිනිසුන්ගේ සහෝදරත්වය, අධ්‍යාත්මික දියුණුව සහ මානව සාරධර්ම පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරන මනා කතික හැකියාවකින් පිරිපුන් චාල්ස් තෝමස් මහතා, අන්තර්ජාල භාවිතා කරන පුද්ලගයින්ගේ සිත් තුළට කා වැදී ඇති ජනප්‍රිය ‘කදුළ’ වැඩසටහන මෙහෙවනු ලබයි. මෙතුමන් ජනප්‍රියම ගායක ගායිකාවන්ගේ ගීත තෝරා එම පදවල සැබෑ අරුත සරළව පැහැදිලි කරමින්, මානව සාරධර්මවල අභිවෘද්ධිය සඳහා නිශ්චිත ගීත ඉදිරිපත් කරමින් සදාචාර සම්පන්න සමාජයක් තැනීමට අවශ්‍ය පණිවිඩය පොදු ජනතාවගේ සිත් තුළ ජනිත කරවීමට මහත් පරිශ්‍රමයක් දරයි.

මෙම වැඩසටහන අවසානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහෝදර චාල්ස් තෝමස් මහතා වෙත මතක සටහනක් ලෙස සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජකියන් දහස් ගණනක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.latest jordan Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%