Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 14:51:27 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි ප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් දිරිගන්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රථම කිලිනොච්චි නිල සංචාරයේදී කිලිනොච්චි ආරක‍්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන්ගේ මෙන්ම තවමත් රෝද පුටු වලට පමණක් සීමා වී සිටින පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ මානුෂීය අරමුණ පෙරදැරි කරගනිමින් සිකුරාදා (18) දින කිලිනොච්චි ආරක්‍ෂක මූලස්ථානයේදී එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන ළමයින් සහ දෙමාපියන් වෙත අවශ්‍ය අධ්‍යාපන උපකරණ සහ ජීවනෝපාය මාර්ගයන් සඳහා අවශ්‍ය භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කෙටි උත්සවයකදී, දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ පාසල් ළමුන් 20 දෙනෙකු වෙත තම පිය සෙනෙහස විදහාපාමින් නව බැංකු ඉතුරුම් පොත්, පාසල් උපාංග, නිල ඇඳුම්, පාසල් බෑග් සහ පොත් ඇතුළු පාසල් උපරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

සිසු සිසුවියන් දිරිමත් කිරිමෙන් අනතුරුව එලෙසම එම අවස්ථාවේදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මානුෂීය මෙහෙයුම් අවසන් වූ පසු යුද්ධ හමුදාව විසින් පුනරුත්ථාපනය කර අවිහිංසාවාදී හා වගකිවයුතු පුරවැසියන් ලෙස සිවිල් සමාජය වෙත මූදාහරින ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 15 දෙනෙකු ගේ ජීවනෝපාය තත්ත්ය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වෙල්ඩින් පලාන්ට්, ඇඹරුම් යන්ත්‍ර, විදුලි ග්‍රීල් යන්ත්‍ර, පෙදරේරු ආධාරක, පාපැදී, රෝද පුටු, සූර්ය පැනල, වතුර පෙරණ, රයිස් කුකර්, ස්ත්‍රික්ක, වැකුම් මැෂින් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් ඔවුන් අතරේ බෙදා දුන්නේය.

එම පරිත්‍යාග වැඩසටහන අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයින් දිරිගන්වමින් ප්‍රතිලාභීන් සමඟ සුහද කතා බහක නිරතවෙමින් ඔවුන්ගේ යහපැවැත්ම හා අවශ්‍යතා පිළිබඳව විමසීය. එම ප්‍රතිලාභීන් අදාළ ග්‍රාම සේවා නිලධාරීන් විසින් නිශ්චිත ප්‍රදේශවල වගකිවයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර නිර්දේශ කර ඇත.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් සංවිධානය කරන ලද මෙම පරිත්‍යාග වැඩසටහන සදහා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්, ඔවුන්ගේ ඥාතීන්, සිසු සිසුවියන්, ගුරුවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ සිවිල් වැසියන් පිරිසක් සහභාගී විය.Sports brands | Patike