Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2019 16:14:57 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි ප්‍රදේශයේදී දහස් ගණනක සිසු සිසුවියන් සමගින් ‘තුරු සිරස’ රුක් රෝපණ වැඩසටහන දියත් කිරිමට දායක වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ 'වනරෝපා' ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලද ‘තුරුලිය වෙනුවෙන් අපි’ දැවැන්ත ජාතික රුක් රෝපණය වැඩසටහනට සමගාමීව සිකුරාදා (18) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් ගේ මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් සමඟ අත්වැල් බැඳගනිමින් ‘සිරස’ රූපවාහිනියේ ‘තුරු සිරස’ සමඟ එක්ව දැවැන්ත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි නැවත වන වගා මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සමීප සහයෝගයෙන් යුතුව මුලන්කාවිල් හි පැවති කෙටි සමාරම්භක උත්සවයෙන් අනතුරුව කිලිනොච්චි කලාපයේ පූනකරි ප්‍රදේශයේ නාගපඩ්ඩුවාන් වන රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන දියත් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය ‘සිරස’ රූපවාහිනියේදී යෝජනා කළ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චියේ පැවති සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා ‘සිරස’ රූපවාහිනියේ විධායකයින් මාන්කුලම් අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන්, මල්ලවී ජාතික පාසලේ (180), යෝගපුරම් මහා විද්‍යාලය (100), පාලිනගර් මහා විද්‍යාලයේ (100), තෙරන්කන්දාල් රජයේ දමිළ මිශ්‍ර පාසලේ (30), තුනුක්කයි දමිළ මිශ්‍ර පාසලේ (30) සහ අනිච්චියන්කුලම් දමිළ මිශ්‍ර පාසලේ (60) ක සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

තවද, කිලිනොච්චි අධ්‍යාපන කලාපයේ සිසු සිසුවියන් හා ගුරුවරුන්, මුලන්කාවිල් ජාතික පාසලේ (300) සහ නාච්චිකුඩා මුස්ලිම් පාසලේ (150) කට අධික ප්‍රමාණයක් අද (18) දින උදෑසන ‘තුරු සිරස’ වගා වැඩසටහනට දායක වෙමින් කිලිනොච්චි ආරක්‍ෂක හමුදාව සාමාජිකයින් ගත් උත්සහයට ශක්තියක් එක් කළේය.

වන වගා ව්‍යාපෘතියේ සමාරම්භක අදියරය සඳහා ආගමික පූජකයින්, සම්භාවනීය අමුත්තන්, සිවිල් ප්‍රජා සාමාජිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ‘සිරස’ රූපවාහිනී නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.Best Sneakers | Nike Shoes