Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 12:05:51 Hours

මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී අරඹයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 18 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් බදාදා (16) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩිර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සමන්ත සිල්වා සහ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් මිචෙල් වන්නිආරච්චි යන නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත පිවිසුම් දොරටුව අසලදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිණි.

අනතුරුව පැවති ආගමික වතාවත් මෙන්ම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා නව ආඥාපති ලෙස එතුමන් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. පසුව 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී. අනතුරුව නව ආඥාපතිතුමන් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන කාර්යාල සංකීර්ණය ඉදිරිපිට සුදු සදුන් පැළයක් ද රෝපණය කළේය.

නව ආඥාපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන භටපිරිස් අමතමින් “යුද්ධ හමුදා සොල්දාදුවන් වශයෙන් තමන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරීන් වඩාත් ළුලදායි ලෙස ඉටුකිරිම සඳහා සියළු නිලයන් තුළ ඉතා උසස් විනයක් පවත්වා ගැනීමට අවශ්‍ය බවත් ඒ තුළින් යුද්ධ හමුදාවේ ද ප්‍රතිරූපය ඉහල මටට්මක පවත්වාගෙන යා හැකි” බවට ද එතුමන් එහිදී වැඩිදුරටත් අවධාරනය ක‍ළේය.

අනතුරුව නව ආඥාපතිතුමන් භටපිරිස් සමග සුහද අදහස් හුවමාරුවක ද නිරත වූ අතර එහිදි නව ආඥාපතිතුමන් වෙත සුභ පැතුම් එක් කිරිම සඳහා සේනාංකධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක් විය. Sneakers Store | Air Jordan 1 Retro High OG University Blue - Gov