13th October 2019 13:30:59 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ලෙස පොල්ගස්ඕවිට ‘වෑතර අපේ කට්ටිය’ නැමති සංවිධානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභින් වෙනුවෙන් අක්ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි බෙදාදීමක් ඉකුත් සෙනසුරාදා (12) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේ සිදුකරන ලදී.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් පී.එම්.එල්. චන්ද්‍රසිරි ගේ මඟපෙන්වීම මත මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා ‘වෑතර අපේ කට්ටිය’ නම් සංගමයේ 15 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් සිය සහයෝගය ලබාදුන්හ.
කෙටි සමාරම්භක උත්සවයකින් අනතුරුව අක්ෂි සායනය පැවැත්වූ අතර එම සායනයෙන් උපදෙස් ලබාගත් රෝගීන් 178 දෙනෙකු අතරින් දෘශ්‍යාබාධ සහිත සිසුන් සහ ගුරුවරුන් 115 දෙනෙකු තෝරාගන්නා ලදී. තවද, මෙම ජංගම වෛද්‍ය සායනයේදී ඇස් පරික්‍ෂාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දෙමවුපියන් 10 දෙනෙකු සහ යුද්ධ හමුදා සිවිල් සේවකයින් 04 සහභාගි වූහ.
මෙම වැඩසටහන සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයන් මෙන්ම ප්‍රදේශවාසින් රැසක් ද සහභාගි වූහ.Authentic Sneakers | Men’s shoes