13th October 2019 15:42:59 Hours
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින සංවිධානය කරන ලද ‘ශ්‍රී දළදා යල් අස්වනු පූජා - 2019’ උත්සවය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය උපරිම සහයෝගය ලබාදුන්හ.
යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තාවකාලික කුඩාරම් ඉදිකර ජල ටැංකිවලට ජලය සැපයූ අතර මෙම පූජනීය අවස්ථාව සඳහා සහභාගී වූවන්ට ආහාර පාර්සල් බෙදාදීමට ද සහාය විය. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් පරිදි 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ අවශ්‍ය පහසුකම් සැපයු අතර මෙම අවස්ථාව සඳහා ගොවීන් 3000 කට අධික පිරිසක් සහභාගී වූහ.best Running shoes brand | Nike Running