Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2019 08:42:59 Hours

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය භටපිරිස්ට සහ ආගමික පූජකවරුන්ට සමුදෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිය ධූරයෙන් නික්මයාමට ප්‍රථම ඔක්තෝම්බර් මස 7 සහ 8 දිනයන්හි එම ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති 22 වන සේනාංකය, 23 වන සේනාංකය, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), 224 වන බලසේනාව සහ 231 වන බලසේනාවේ සංචාරය කළහ. ඒ අනුව, සියලුම ස්ථානයන්හිදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුර පිරීනමා නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් අරුණ ජයසේකර උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආඥාපතිතුමන් සංචාරය කළ සෑම ස්ථානයකදීම භටපිරිස් ඇමතූ අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරන කාලය තුළ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ඉටුකරන ලද සේවාවන් අගය කරන ලදී. තවද, අනාගතයේ දී ද ඔවුන්ගේ සේවය ඵලදායි ලෙස ලබාදීමට ඔවුන් දිරිමත් කළේය. එම ස්ථානයන්හිදී පැවති සියලුනිල තේපැන් සංග්‍රහයන් සඳහා සහභාගි වූ එතුමන් සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. සියලුම ස්ථානයන්හි එතුමන් සිදුකළ සංචාර අවසන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය. මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.

23 වන සේනාංකයේ සිදුකළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති පූනානි ප්‍රදේශයේ පිහිටි කලාපීය යුද උපකරණ ගබඩා සංකීර්ණයේ සංචාරය කරමින් එහි ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලු අතර ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස එහි සේවයේ නියුතු භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්නේය. එතුමන්ගේ නික්මයාම නිල වශයෙන් දැනුම්දීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්, මඩකලපුව මාමංග පිල්ලෙයාර් කෝවිලේ පූජකතුමන්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදය කුමාර මහතා සහ නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ඩී.කේ.එස්. කපිල ජයසේකර මහතා හමුවිය. Sneakers Store | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov