13th October 2019 14:42:59 Hours
70 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවයෙහි අවසානය සනිටුහන් කරමින් පැවැති විධිමත් රාත්‍රී භෝජන සංග්‍රහය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙන්ම යුද්ධ හමුදාවේ සියලුම නිලයන් නියෝජනය කරන යුද්ධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා (11) දින සන්ධ්‍යාවේ පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ වූ අතර යුද්ධ හමුදාවෙහි අභිමානය ඉස්මතු කරමින් ගෙවුනු වසර 70 ක කාලවකවානුව තුළදී යුද්ධ හමුදාවේ සිදු වූ පරිනාමය සහ එම කාලය තුල යුද්ධ හමුදාව ලද ජයග්‍රහණයන් පිළිබඳ අන්තර්ගත මිනිත්තු 15 ක කෙටි වීඩියෝ දර්ශනයක් සහභාගී වූවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන ලදී. ඉන් අනතුරුව, චාරිත්‍රානුකූල මෙන්ම සෞන්දර්යාත්මක නර්තන අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම සන්ධ්‍යාව එම අවස්ථාවට සහභාගී වූ සියළු දෙනාටම විනෝදාස්වාදයක් ලබාදුන්හ. Mysneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf