07th October 2019 12:55:05 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ගල්කුලම පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ස්ථාපිත 62 වන සේනාංක මුලස්ථානයේ 9 වන සංවත්සරය ඉකුත් සැප්තැම්බර් මස 8 දින සිට 10 දින දක්වා ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති මෙම සංවත්සර වැඩසටහනට සමඟාමීව ආගමික සැමරුම්, පැළ සිටුවීම, රාත්‍රී භෝජන සංග්‍රහයක්, සංගීත සන්ධ්‍යාවක් සහ ක්‍රිකට් තරඟාවලියකින් පැවැත්විණි.
සංවත්සර දිනයේදී 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදි. Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals