07th October 2019 13:00:05 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 212 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය පුළුල් කරමින් එලයාපත්තුව ප්‍රදේශයේ තවත් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදීමට මුල්ගල තබයි.
212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ මූලිකත්වයෙන් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව, ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශිලීන් දෙදෙනෙකු වන එඩී රොබින්සන් මහතා සහ ගේල් රොබින්සන් මහත්මිය ඉදිකිරීමට යෝජීත නව නිවස සඳහා මුල්‍යමය අනුග්‍රහය ලබාදුනි.
මෙම නිවස ඉදිකිරිම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (5) දින මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කර්නල් අනිල් පිරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සමඟාමීව එම පවුලට සහ තන්තිරිමලෙයි ප්‍රදේශයේ තවත් අඩු ආදායම්ලාභි පවුල් දෙකකට වියළි සලාක පාර්සල් මෙන්ම එම පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී. jordan release date | Autres