Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2019 13:30:05 Hours

මුලතිව් පාසල් සිසුන් සහ සිවිල් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් සඳහා වොලිබෝල් පුහුණුවක්

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඔක්තෝබර් මස 4 සහ 5 දිනයන්හි වොලිබෝල් පුහුණු වැඩමුළුවක් 64 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේදී දියත් කරන ලදී.

මෙම පුහුණු වැඩමුළුව පාසල් සිසුන්ට වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳ මනා පුහුණුවක් ලබාදීම සඳහා මෙන්ම වොලිබෝල් ක්‍රීඩාවේ නිරත ප්‍රදේශයේ උපදේශකයින් අතර වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

මෙම වැඩමුළුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත 64 වන සේනාංක මූලස්ථානයේදී පැවැත්වුණි. තවද, දෙදිනක් පුරා පැවැති මෙම පුහුණු වැඩමුළුවට පාසල් සිසුන් 500 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර වොලිබෝල් උපදේශකවරුන් 49 දෙනෙකු ද මෙම වැඩමුළුව සඳහා සහභාගි වූහ.

පුහුණු වැඩසටහන අවසානයේදී, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ඩී. කේ. කොස්තා ගේ ආරාධනය පිළිගෙන සපැමිණි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මෙම වැඩමුළුවට සහභාගීවූවන් සමඟ සුහද පිළිසඳරක නිරතවෙමින් ඔවුන්ව ඉදිරියටත් වොලිබෝල් ක්‍රීඩාව සඳහා යොමුවීම වෙනුවෙන් දිරිමත් කළේය. bridgemedia | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!