07th October 2019 14:00:05 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 651. 652 හා 653 වන බලසේනාවන්හි භටපිරිස් ලෝක ළමා දිනයට සමගාමීව ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරනු ලැබීය.
ඒ අනුව, 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අන්නායි තෙරේසා පෙර පාසලේ ඉගෙනුම ලබන කුඩා දරු දැරියන් 35 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් ප්‍රදානය කිරීමේ උත්සවයක් සංවිධානය කළ අතර එම අවස්ථාව සඳහා ගුරුවන් 4 දෙනෙකු සහ සිවිල් වැසියන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි වූහ.
තවද, 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්, අනවිලන්දන්කුලම් ඇමරිකන් මිෂන් පෙර පාසලේ සහ මුලතිව් අමිත්‍යපුරම් පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් හට පාසල් උපකරණ බෙදාදෙන ලදී. මෙහිදී, දරු දැරියන් 99 දෙනෙකුට මෙලෙස පාසල් උපකරණ ප්‍රදානය කල අතර එම අවස්ථාව සඳහා ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටියහ.
එමෙන්ම, 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ලෝක ළමා දිනයට සමගාමීව කොල්ලවිලන්කුලම් මරන් පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක්ද බෙදාදුන්හ.
මෙම සුභසාධන ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ දියත් කරන ලදී. Sportswear free shipping | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp